/
/
title icon
"මේන්" ප්‍රාන්තයත් ට්‍රම්ප්ට හරහට හිටී
"මේන්" ප්‍රාන්තයත් ට්‍රම්ප්ට හරහට හිටී
Editor
1 year ago
Share:
"මේන්" ප්‍රාන්තයත් ට්‍රම්ප්ට හරහට හිටී

2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට එරට තවත් ප්‍රාන්තයක් පියවර ගෙන තිබෙනවා.

මීට පෙර, ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තය ද ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට කටයුතු කරනු ලැබුවා.

ඒ, ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයක් අනුවයි.

කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දුන්නේ අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව බව පැවසුවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට අත්හිටුවීමට කටයුතු කළ නවතම ප්‍රාන්තය වන්නේ මේන් ප්‍රාන්තයයි.

මේන් ප්‍රාන්ත මැතිවරණ කාර්යාංශය පැහැදිලි කර ඇත්තේ, අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුවතමන් මෙම පියවර ගත් බවයි.

එබැවින්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොලරාඩෝ ප්‍රාන්තයෙන් මෙන්ම, මේන් ප්‍රාන්තයෙන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි වනු ඇති.

ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන 2024 වසරේ නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර, වත්මන් ජනාධිපති ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා.

ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වී සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required