/
/
title icon
කෝටි 17ක රත්‍රං සමග ඇල්ලූ සේවකයා
කෝටි 17ක රත්‍රං සමග ඇල්ලූ සේවකයා
Editor
1 year ago
Share:
කෝටි 17ක රත්‍රං සමග ඇල්ලූ සේවකයා

රුපියල් කෝටි 17කට අධික වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් සමග ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සේවකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා

අත්අඩංගුවට ගත් සැකකරු ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තයේ කාර්ය මණ්ඩලය පිටව යන දොරටුවෙන් පිටව යමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බවයි රේගු දෙපාර්තමේන්තුව කියා සිටියේ. 

අදාළ සැකකරුගේ යට ඇඳුම තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රත්‍රන් බිස්කට් 66ක් මෙහිදී සොයා ගැනුණා. 

කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 700ක් වන එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් දාහත් කෝටි හැට ලක්ෂයකට අධිකයි

අත්අඩංගුවට ගත් සැකකරු වසර 15කට අධික කාලයක් ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සේවය කර ඇති පුද්ගලයෙක් වනවා.

අදාළ රත්‍රන් තොගය කටුනායක ගුවන්තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ ආපණ ශාලාව තුළ දී කිසියම් පුද්ගලයෙකු විසින් සැකකරුට ලබා දී ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන්. 

8743b26f585331442421e846f9c9c196.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required