
පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම බැංකු ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, රථවාහන ආදායම් බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.
මේ අතර, බදු හඳුනාගැනීමේ අංකයක් ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
ඔහු සඳහන් කළේ වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් පමණක් බදු ගෙවීම සඳහා වගකීමට බැඳෙන බවයි.