/
/
title icon
අවුලක් නැතිව TIN අංකය ගන්න හරිම විදිය මෙන්න
අවුලක් නැතිව TIN අංකය ගන්න හරිම විදිය මෙන්න
Editor
1 year ago
Share:
අවුලක් නැතිව TIN අංකය ගන්න හරිම විදිය මෙන්න

පෙබරවාරි පළමු වැනිදා සිට අනිවාර්ය කර ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ ලබා ගැනීම පිළිබඳ ඔබට යම් කුතුහලයක් කුකුසක් මේ මොහොත වන විටත් පවතිනවා වන්නට පුළුවන්. 

Taxpayer Indentification Number හෙවත් TIN අංකයක් අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ලබා ගැනීමේ හැකියාව පවතිනවා. 

TIN Certificate ලබා ගැනීමට කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් සේවාවක් ලබා ගැනීමට නොහැකි නම් කිසිදු හේතුවක් මත තමන්ගේ පෞද්ගලික තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැර කිසිම පාර්ශවයකට ලබා නොදෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ. 

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) තනිව ම ලබා ගැනීමට පෙර පහත ලේඛනවල පැහැදිලි ස්කෑන් (scan) කර පිටපත් සූදානම් කරගත යුතු වනවා. 

  • ජාතික හැඳුනුම්පත / වලංගු රියැදුරු බලපත්‍රය / වැඩිහිටි හැඳුනුම්පත
  • ඔබගේ ස්ථිර ලිපිනයජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම් (අදාළ ලිපිනය තහවුරු කිරිම සඳහා ඔබගේ නමට නිකුත් කළ ජල හෝ
    විදුලි බිල්පතක් / ස්ථාවර දුරකතන බිල්පතක් / ග්‍රාම සේවක සහතිකයක්)
  • ඔබ ලියාපදිංචි කරන ලද තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් අදාළ ව්‍යපාර ලියාපදිංචි කිරීමේ සහතිකය.

පියවර

  • TIN Certificate ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ePortal වෙත පිවිසීම හෝ QR Code එක ස්කෑන් (scan) කළ යුතු ය.
  • බදු අංකය (TIN) ලබා ගැනීමට මෙම https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader පිවිසෙන්න.

පියවර

  • එම අතුරු මුහුණතේ (interface) හි ‘Registration Type’ ලෙස සඳහන්ව ඇති තැන ‘INDIVIDUAL LOCAL’ ලෙසින් තෝරාඑවිට ලැබෙන අයැදුම්පත නිවැරදිව පුරවන්න.
  • Nearest Regional Office යන කොටස පිරවීමෙන් වළකින්න.
  • CONTACT NUMBER කොටසේඔබගේ ජංගම දුරකතන අංකය සහ භාවිතයේ පවතින email address එක නිවැරදිව ඇතුළත් කරන්න.
  • අයැදුම්පත පිරවීමේදී BANK INFORMATION ලබා දීම අනිවාර්යය නැත. ඔබ කැමති නම් එම කොටසට තොරතුරු ඇතුළත් කිරීම හෝ නොකිරීමට හැකියාව පවතී.
  • ඔබ විවාහක නම් FAMILY INFORMATION යටතේ සම්පූර්ණ කළ යුතු විස්තර ද නිවැරදිව සම්පූර්ණ කරන්න.
  • ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් INDIVIDUAL BUSINESS යටතේ ඔබගේ ව්‍යාපාරයේ විස්තර නිවැරදිව ඇතුළත් කරන්න.

පියවර

  • Supporting Documents ලෙසින් ඇති කොටසට ඔබ සූදානම් කරගෙන ඇති ජාතික හැඳුනුම්පත ඇතුළු ස්කෑන් (scan) ලේඛන නිවැරදිව තෝරා උඩුගත (upload) කරන්න.
  • Purpose of registration ලෙසින් ඇති කොටසට Tax Purpose ලෙස තෝරන්න.
  • එම අතුරු මුහුණතේ (Interface) පහළ ඇති Next Button එක click කරන්න.

පියවර

  • ඔබ ඇතුළත් කළ සම්පූර්ණ තොරතුරු දැන් ඔබට දැක ගැනීමට හැකි ය.
  • එම තොරතුරු වෙනස් විය යුතු නැත්නම් DECLARATION  යන කොටස සම්පූර්ණ කර පසෙකින් පෙන්වන සත්‍යාපන කේතය (authentication code) ඇතුළත් කර ‘Submit’ කරන්න.
  • එවිට ඔබට ලැබෙන Acknowledgement, TIN Certificate ලැබෙන තුරු සුරැකිව තබාගන්න.
  • වැඩ කරන දින 5ක් ඇතුළත ඔබ ලබා දුන් email address වෙත ඔබගේ TIN Certificate සහ PIN එක ඔබට ලබා දෙනු ඇත.
  • TIN Certificate ලබා ගත් පමණින් ඔබ ආදායම් බදු ගෙවීම සඳහා බැඳි නොසිටින අතර ඔබගේ ආදායම බදු ගෙවිය යුතු මට්ටමේ පවතී නම් පමණක් බදු ගෙවීම හා බදු වාර්තා ගොනු කිරීම සිදු කළ යුතු බව ආදායම් බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරනවා. 
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required