/
/
title icon
බාර් එකක් දානවද, කෝටියක් ඕනි
බාර් එකක් දානවද, කෝටියක් ඕනි
Editor
1 year ago
Share:
බාර් එකක් දානවද, කෝටියක් ඕනි

ඉදිරියේදී රට බීමහලක් (මත්පැන් හළක්ආරම්භ කරන ඕනෑම පුද්ගලයෙකුට ඒ සඳහා රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 

මත්පැන් හළක් විවෘත කිරීමේදී මෙතෙක් එවැනි මූලික ගාස්තුවක් අය කෙරුණේ නැහැ.

සුරාබදු බලපත්‍ර ඉතාමත් නිත්‍යානුකූල ආකාරයට ලබාදීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත්, රා.බී. 4 යන බලපත්‍රයට වැඩි ඉල්ලුමක් පවතින හෙයින් එම බලපත්‍රය නිකුත් කිරීමේදී මූලික ගාස්තුවක් වශයෙන් රුපියල් කෝටියක මුදලක් ගැනීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 
සංචාරක කර්මාන්තය සමග බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ රටේ සාමාන්‍ය ජනතාව මත පැටවී ඇති බදු බර ක්‍රම ක්‍රමයෙන් ගිහිල් කිරීමට පියවර ගන්නා බවද කියා සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required