
ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලැබු අති විශාල ලාභය කඩිනමින් විදුලි පාරිභෝගිකයින් වෙත බෙදාහැරිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අද ප්‍රකාශ කළා.
කොළඹදී අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වහාම මණ්ඩලය ක්‍රියාත්මක විය යුතු බවයි.
විදුලි පාරිභෝගිකයින් මත අසාධාරණ බර පැටවීමෙන් විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ අවසාන කාර්තුවේදී රුපියල් කෝටි 5000කට අධික ලාභයක් ලැබූ බවත්, විදුලි බල පනතේ 30 වැනි වගන්තියට පටහැනිව අනුමත කළ අනීතික ගාස්තු වැඩිකිරීමක් හරහා එම ලාභය ලැබූ බවත් රත්නායක මහතා පෙන්වා දුන්නා.
ලංකා විදුලිබල මණ්ඩලය අසාධාරණ ලෙස උපයාගත් කෝටි 5000 විදුලි පාරිභෝගිකයින්ට වාහාම බෙදාදිය යුතු බව කී ජනක රත්නායක මහතා පැවසුවේ ඉදිරි ගාස්තු සංශෝධනයකදි සියයට 50කින් ගාස්තු අඩුකරන බවට කරන ප්‍රකාශ විදුලි පාරිභෝගිකයා නොමග යැවීමක් බවයි.
ඉදිරි ගාස්තු සංශෝධනය කළ යුත්තේ ඉදිරියේ පැවතිය හැකි විදුලි ඉල්ලුම, සැපයුම සහ වියදම් ඇස්තමේන්තු මත විදුලිබල පනතේ 30 වන වගන්තියෙන් පැහැදිලිව දක්වා ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.