
කුලී ගමනක් යමින් සිටි 23 හැවිරිදි ජනප්‍රිය රංගන ශිල්පිනියකට පිළියන්දල - ජාලියගොඩ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථ රියදුරෙකු ලිංගික අතවරයක් සිදුකොට පළාගොස් ඇතැයි පිළියන්දල පොලීසිය පවසනවා.
මෙම රංගන ශිල්පිනිය ඇයගේ පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා මොරටුව - කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ දක්වා කුලී ගමනක් යාමට කුලී ගමන් පහසුකම් සපයන සමාගමක ත්‍රීරෝද රථයක් ඇණවුම් කරගෙන තිබෙනවා.
අනතුරුව ලැබුණු ත්‍රීරෝද රථයෙන් ඇය මොරටුව - කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ දක්වා යමින් සිටියදී එක්වරම පිළියන්දල - ජාලියගොඩ ප්‍රදේශයේදී මාර්ගය අසල ත්‍රීරෝද රථය නවතා කාර්මික දෝෂයක් පරීක්ෂා කරන මුවාවෙන් ත්‍රීරෝද රථයෙන් බැස පිටුපස අසුනේ සිටි රංගන ශිල්පිනිය අසලටවිත් ඇයට බලහත්කාරකම් කර ඇති බව සඳහන්.
එහිදී රංගන ශිල්පිනිය සැකකරු තල්ලු කොට ත්‍රීරෝද රථයෙන් එලියට පැන කෑ ගසා අසල්වාසීන්ට පවසනවාත් සමඟම ත්‍රීරෝද රථයේ රියදුරු රංගන ශිල්පිනිය මහමග අතහැර දමා පළා ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන්.
සිද්ධියෙන් පසුව ත්‍රීරෝද රථය කොළඹ - හොරණ මාර්ගය ඔස්සේ බොරලැස්ගමුව දෙසට පළා ගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.