
දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 125 වැනි ජන්ම දින සැමරුම් උත්සවය හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොළඹ - ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළදී අද පෙරවරුවේ සිදු කෙරුණා.
මෙහිදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණියන් දෙදෙනා වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීන් බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.
අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් පුෂ්පෝපහාර දැක්වූ බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.