/
/
title icon
වෙදුන්ට දුන් වැඩිවීමම ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු හදිසියේ වැඩවරයි
වෙදුන්ට දුන් වැඩිවීමම ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු හදිසියේ වැඩවරයි
Editor
1 year ago
Share:
වෙදුන්ට දුන් වැඩිවීමම ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු හදිසියේ වැඩවරයි

ආර්ථික යුක්තිය ඉටු කිරීමේ රජයේ අසාධාරණ ප්‍රතිපත්තියට එරෙහිව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද පෙරවරු අටේ සිට සේවාවලින් ඉවත්ව සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමදේශ් මහතා පවසනවා. 

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සඳහා ද රුපියල් 35000 ක දීචමනාවක් ලබා ගැනීම වර්ජනයේ ප්‍රධාන අරමුණ බවත් අමාත්‍ය මණ්ඩලය වෛද්‍ය නිලධාරීන් සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා රුපියල් 35000 ක දීමනාවක් ලබාදීමට ගත් තීරණය පිළිබඳව ඉතාමත් සතුටු වෙන නමුත් එම යුක්තිය සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සාධාරණ ලෙස ඉටු කිරීමට අමත්‍ය මණ්ඩලය අපොහොසත් වීම පිළිබඳව අතිශයින්ම කණගාටු වන බවත් ඒ මහතා සඳහන් කළා. 

ඒ අනූව, සෞඛ්‍ය වෘත්තීයවේදීන් සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමේදී පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට එරෙහිව මෙම සංකේත වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කළ බව කණගාටුවෙන් දැනුම් දෙන බවයි ඒ මහතා කියා සිටියේ. 

තවද, මේ පිළිබඳව නිසි අවධානය යොමු කරමින් සාධාරණය ඉටු කිරීමට කඩනමින් කටයුතු නොකරන්නේ නම් සමස්ත සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒකාබද්ධ කර ගනිමින් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required