
වෛද්‍යවරුන් සඳහා පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් අද උදෑසන 8.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබෙනවා.
වෘත්තීය සමිති 10ක් මෙම වර්ජනය සඳහා එක්වන බව එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා.
කෙසේ වෙතත්, ළමා රෝහල, පිළිකා රෝහල, මාතෘ රෝහල්, වකුගඩු රෝහල්, මධ්‍යම ලේ බැංකුව සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතන තුළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන බව සඳහන්.
මේ අතර, වෛද්‍යවරුන් සඳහා වන 'ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව' හෙවත් ඩැට් දීමනාව රුපියල් 35,000කින් ඉහළ නැංවීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් ඊයේ රජයේ රෝහල්වල සංකේත වැඩවර්ජනයක් දියත් කරනු ලැබුවා.
මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට දිවයින පුරා රජයේ රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්වුණා.