/
/
title icon
රාජ්‍ය ආයතන සුද්ද කරන්න අද අලුත් වැඩක්
රාජ්‍ය ආයතන සුද්ද කරන්න අද අලුත් වැඩක්
Editor
1 year ago
Share:
රාජ්‍ය ආයතන සුද්ද කරන්න අද අලුත් වැඩක්

දිවයිනේ සියලුම රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන පිරිසිදු කිරීම සඳහා අද දිනය යොදා ගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැළැක්වීම අරමුණු කරගනිමින් තෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක් පසුගිය ඉරිදා සිට ආරම්භ කළ බවයි. 

සියලුම ආයතන ප්‍රධානීන් තම තමන්ගේ ආයතන පිරිසිදු කිරීමේ කටයුතු සහ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ කටයුතුවල නිරතවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද වෛද්‍ය චන්දන ගජනායක මහතා කියා සිටියේ. 

එම කටයුත්ත සඳහා යම් සහයෝගයක් අවශ්‍ය වන්නේ නම් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් උපකාරයක් ලබාගත හැකි බවද ඔහු සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required