
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඊයේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 48 හැවිරිද මාටිස් පටුමග, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.
පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදුවූ පහරදීමකින් මෙම ඝාතනය සිදුවී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව සඳහන්.
මෘතශරීරය පොලිස් ආරක්ෂාව යටතේ ඝාතනය සිදුවූ ස්ථානයේම තිබෙන බවත් සැකකරුන් අත්අඩංගුවට ගැනීමට කෙසෙල්වත්ත පොලීසිය විමර්ශන කටයුතු සිදුකරන බවත් වාර්තා වනවා.