
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගත්තා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08 කින් ජය ගත්තා.
ශ්‍රී ලංකා පිල ලකුණු 97 ක ඉලක්කය ඕවර 16.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළා.
දඟ පන්දු යවන වනිඳු හසරංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 5.5 කදී ලකුණු 19 කට කඩුලු 7 ක් දවා ගත්තා.
එය සටහන් වූයේ වනිඳුගේ එක්දින ක්‍රිකට් දිවියේ දක්‍ෂතම පන්දු යැවීම ලෙසයි.
එසේම, එය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළතම දක්‍ෂතම පන්දු යැවීම ද වනවා.
හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් 2001 වසරේ සිම්බාබ්වේට එරෙහිව ලකුණු 19 කට කඩුලු 8 ක් දවාගැනීමට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් දක්‍ෂතම පන්දු යැවීමයි.