
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (12) ඇති වූ නොසන්සුන් තත්ත්වය අතරතුර පළා ගිය රැඳවියන් 10 දෙනෙකු අද (13) උදෑසන පුලස්තිපුර පොලීසියට භාර වී තිබෙනවා.
පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නොසන්සුන්තාව ඇති ව තිබුණේ, ආහාර පිළිබඳ ඇති වූ ගැටලුවක් මුල් කරගනිමින්.
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන් දැනට සති කිහිපයක පෙර සිට විවිධ හේතු මුල්කරගෙන විටින්විට ගැටුම් ඇතිකර ගෙන තිබුණා.
ඊයේ දහවල් 2ට පමණ රැඳවියන් දෙපිරිසක් අතර ආහාර මුල් කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බව සඳහන්.
එහිදී රැඳවියන් 24 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ඔවුන් වැලිකන්ද රෝහලට ඇතුළත් කළා.
ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ 3 දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට මාරු කර යැවුණා.
ගැටුමට සම්බන්ධ 64 දෙනෙකු වැලිකන්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
මේ අතර, ගැටුම අතරතුර රැඳවියන් පිරිසක් පළා ගිය අතර රැඳවියන් 28 දෙනෙකු මෙතෙක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.
අද උදෑසන රැඳවියන් 10 දෙනෙකු පෙරියාරු ගඟ අසල දී පොලීසියට භාර වුණා.