
ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී හොඳ පන්දු රකින්නන් කණ්ඩායමට එක්කර ගැනීමට තමන් කටයුතු කළ බව නව විස්සයි විස්ස නායක වනිඳු හසරංග පවසනවා.
හෙට ආරම්භ වීමට නියමිත 20-20 තරගාවලියට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වනිඳු හසරංග වැඩිදුරටත් සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ සංචිතයට එක්වී සිටීම නිසා නවක ක්‍රීඩකයන්ට හොඳ අත්දැකීමක් ලබාගත හැකි බවයි.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය හෙට රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
පැතුම් නිස්සංක හෙට තරගය වෙනුවෙන් සූදානමින් සිටින බව වනිඳු හසරංග අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
ජාත්‍යන්තර 20-20 තරගාවලියක් වෙනුවෙන් වනිදු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව මෙයයි.