
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලබන 30 වැනිදා විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.
ඔහුගේ පාර්ලිමේන්තු සේවා කාලය වසර 40ක්.
නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය පාර්ලිමේන්තුවේදී ලබන 24 වැනිදා ඇගයීමට ලක් කෙරෙනවා.
එම ඇගයීම වෙනුවෙන් පැයක කාලයක් වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව එවැනි ඇගයීමක් සිදුකෙරෙන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහ වේත්‍රධාරීවරයාට පමණක් වනවා.