/
/
title icon
ශ්‍රී ලංකාවට තියුණු ජයක් - කලකට පසු පිත්ත අතට ඇන්ජලෝ නම්බුව බේරයි
ශ්‍රී ලංකාවට තියුණු ජයක් - කලකට පසු පිත්ත අතට ඇන්ජලෝ නම්බුව බේරයි
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකාවට තියුණු ජයක් - කලකට පසු පිත්ත අතට ඇන්ජලෝ නම්බුව බේරයි

ශ්‍රී ලංකාව සහ සිම්බාබේ කණ්ඩායම් අතර පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ඨ පිතිකරණය හමුවේයී. 

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුළු 05 ක් දැවී ලකුණු 143 ක් ලබා ගත්තා. 

එහිදී සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පන්දු 42කදී ලබාගත් ලකුණු 62 කැපී පෙනුණා. 

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුළු දෙක බැගින් දවා ගත්තා. 

ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවේදී තරගය ජය ගත්තේ කඩුළු 07ක් දැවී තිබියදී දුෂ්මන්ත චමීර අවසන් පන්දුවට ලකුණු දෙකක් ලබා ගැනීමත් සමගයි. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38කදී ලකුණු 46ක් ලබාගත් අතර, දසුන් ශානක පන්දු 18කදී නොදැවී ලකුණු 26ක් ලබා ගත්තා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required