
සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.
එම ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 9ක වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
ගම්පහ, මිනුවන්ගොඩ, පානදුර, අලව්ව, හොරණ හා අවිස්සාවේල්ල යන පොදු වෙළදපොළ සංවර්ධනය කිරීම, වරකාපොළ හා මුලතිව් බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීම සහ නින්දවූර් වෙරළ උද්‍යානය ඉදිකිරීම එම ව්‍යාපෘති වනවා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකයි.
මෙම වසර අවසන් වනවිට අදාල ව්‍යාපෘති නිම කිරීම සදහා කඩිනමින් සැලසුම් සකස් කරන ලෙස අමත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.