/
/
title icon
ගාස්තු වැඩි කළාට සුරාසැල් ලොක්කන් අසතුටින්
ගාස්තු වැඩි කළාට සුරාසැල් ලොක්කන් අසතුටින්
Editor
1 year ago
Share:
ගාස්තු වැඩි කළාට සුරාසැල් ලොක්කන් අසතුටින්

සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන රැසක් රජයටත්, මුදල් රාජ්‍ය අමාත්‍යවරයාටත් දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වනවා. 

මත්පැන් නිෂ්පාදනය අඩු වී ඇති අවස්ථාවක මෙලෙස බලපත්‍ර ගාස්තු මුදල් වැඩි කිරීමෙන් ආයතන පවත්වාගෙන යෑම ගැටළුවක් බව එම මත්පැන් නිෂ්පාදන ආයතන හිමිකරුවන් පවසනවා. 

‍කෙසේ වෙතත්, ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහා ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා. 

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ලබන ජනවාරි මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවූ අතර, ඒ අනුව ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වනු ඇති. 

එම ගාස්තුව මීට පෙර පැවතුණේ ලක්ෂ දහයක් ලෙසයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required