
බෲනායි රාජ්‍යයේ අබ්දුල් මාටීන් කුමරුන්ගේ රාජකීය විවාහ මංගල උත්සවය පසුගිය 07 වැනිදා සිට දින 10 ක් තිස්සේ පැවැත්වෙනවා.
32 හැවිරිදි අබ්දුල් මාටීන් කුමරු ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය චරිතයක්ද වනවා.
කුමරු ජනප්‍රිය වී සිටින්නේ ඔහුගේ කඩවසම් පෙනුම නිසාත්, හමුදා නිලධාරියකු වීමත් හේතුවෙන්.
ආසියානු තරුණියන්ගේ ‘වඩාත් ආකර්ශණය දිනූ තනිකඩයා’ ලෙස ද අබ්දුල් මාටීන් කුමරු කලක් ප්‍රසිද්ධියට පත්වුණා.
කුමරුන්ගේ අත ගත්තේ, වසර ගණනක් ඔහුගේ ආදරවන්තිය වූ 29 හැවිරිදි යැංග් මුලියා අනීෂා රෝෂ්නායී.
ඇය සාමාන්‍ය පවුලක යුවතියක් වන අතර, දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම පසුගිය දෙසැම්බරයේදී සිදුකෙරුණා.
යැංග් මුලියා අනීෂා රෝෂ්නා විලාසිතා සහ සංචාරක සමාගමක හිමිකාරිණියක්.
