/
/
title icon
තෛපොංගල් අදයි - ජනපති කෘෂිකර්මයේ අගය පහදයි
තෛපොංගල් අදයි - ජනපති කෘෂිකර්මයේ අගය පහදයි
Editor
1 year ago
Share:
තෛපොංගල් අදයි - ජනපති කෘෂිකර්මයේ අගය පහදයි

හින්දු ජනතාව අද තෛපොංගල් දිනය සමරනවා. 

ඒ නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැගීමේ දී  කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙන බවයි. 

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ රට පුරා කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් වෙනුවෙන් අවශ්‍ය සැලසුම් දැනටමත් රජය ක්‍රියාවට නංවා තිබෙන බවද ජනාධිපතිවරයා එමඟින් සඳහන් කළා. 

වසර දෙකක් පුරා කළ අසීමිත කැපවීම් හමුවේ රට ජයග්‍රහණයේ මාවතට අවතීරණ වෙමින් තිබෙන අවස්ථාවක තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. 

හෙට දවසේ රට වෙනුවෙන් වූ අලුත් බලාපොරොත්තු සඵල කර ගැනීමට එක මවකගේ දරුවන් මෙන් අධිෂ්ඨානයෙන් පෙරට එන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සිය පණිවුඩය මගින් වැඩිදුරටත් පවසනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required