
මිහිජය සෙවන පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.
යුක්තිය මෙහෙයුමට සමගාමීව කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරු මෝදර පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
27 හැවිරිදි සැකකරු වෑබඩ ගනේපොළ පදිංචිකරුවෙක්.
සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.