/
/
title icon
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
Editor
1 year ago
Share:
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේස්වෙස්ටන් හා රදැල්ල දුම්රිය ස්ථාන අතර  දුම්රියක්  පිලිපැනීම  හේතුවෙන්  පැවැති   මාර්ග  අවහිරතා අද උදෑසන වනවිට යථා  තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන  ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

බදුල්ල  සිට මහනුවර  බලා ධාවනය වු විශේෂ  සීඝ්‍රගාමී දුම්රියක්  ඊයේ සවස  මෙලෙස පිලිපැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ  දුම්රිය ධාවනයට  බාධා එල්ල වී පැවති බව පාලක මැදිරිය සඳහන් කරයි.

පිලිපැනීමට ලක් වු සීඝ්‍රගාමී  දුම්රියේ මැදිරි පිලිගත කිරීමේ කටයුතු අද අලුයම 3.40 පමණ වනවිට අවසන් කිරීමට හැකි වු බවද පාලක මැදිරිය කියයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required