/
/
title icon
ශ්‍රී ලංකාව අවසන් පන්දුවාරයේදී පරාජයට පත් වෙයි
ශ්‍රී ලංකාව අවසන් පන්දුවාරයේදී පරාජයට පත් වෙයි
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකාව අවසන් පන්දුවාරයේදී පරාජයට පත් වෙයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 173ක් රැස් කර ගත්තා.

චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 69 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 66ක් රැස් කළා.

ඒ අනුව තරගය ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 174ක්.

සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 06ක් දැවී තිබියදී ලකුණු 178ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කර ගනු ලැබුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයී.

තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගනු ලැබුවා.

දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required