/
/
title icon
වැටුප් අවුලක් නිසා සරසවිවල වර්ජනයක්
වැටුප් අවුලක් නිසා සරසවිවල වර්ජනයක්
Editor
1 year ago
Share:
වැටුප් අවුලක් නිසා සරසවිවල වර්ජනයක්

එක් පාර්ශ්වයකට පමණක් වැටුප් වැඩි කිරීමට විරෝධය පළ කරමින් අද දිනයේදී සංකේත වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර ගැටලු මතුවෙමින් පවතින බවයි.

ඒ අනුව වෘත්තීය සමිති 23ක සහභාගීත්වයෙන් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය මහ සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් මහතා පැවසුවා.

මේ අතර, වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනාව රුපියල් 35,000කින් වැඩි කිරීමට විරෝධය පළ කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) දින ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 7.00න් අවසන් වීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required