
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්, අභ්‍යාසකයන් සහ භෞතචිකිත්සකයන්ට වැඩිදුර පුහුණුව දීම සඳහා දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පන්දු රකින ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ඇතුළු ජාත්‍යන්තර ප්‍රවීණයන් තිදෙනෙක්ගේ සේවය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව සඳහන්.
ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරු භාරත් අරුන් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු භෞත චිකිත්සක ඇලෙක්ස් කුන්ටූරි යන මහත්රුන්ගේ සේවය ද ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
මෙම ප්‍රවීණයන් තිදෙනා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්, අභ්‍යාසකයන් සහ භෞත චිකිත්සකයන්ට විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීමට නියමිත අතර ඔවුන්ගේ සහභාගිත්වයෙන් විවිධ ප්‍රදේශවල විශේෂ පුහුණු වැඩසටහන්ද පැවැත්වීමට නියමිතයි.