/
/
title icon
නාරම්මල උණුසුම් කළ මරණයේ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්
නාරම්මල උණුසුම් කළ මරණයේ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්
Editor
1 year ago
Share:
නාරම්මල උණුසුම් කළ මරණයේ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්

නාරම්මල ප්‍රදේශයේදී වෙඩි වැදී පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියට සම්බන්ධ උපපොලිස් පරීක්ෂකවරයාගේ සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ වැඩ තහනම් කළ බවයි.

අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් හඹාගෙන ගොස් එම ලොරි රථය නැවැත්වූ අවස්ථාවේ උපපොලිස් පරීක්ෂකවරයා සතු ගිනිඅවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරාට වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වුණා.

මේ සම්බන්ධයෙන් උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් අතර, ඔහු නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required