
පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය පෝලන්ත ජාතිකයෙක් මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ඊයේ මියගොස් ඇත්තේ, 61 හැවිරිදි පෝලන්ත ජාතිකයෙක්.
පානදුර - දකුණ ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිට ඇති මෙම පුද්ගලයා පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී පෝලන්ත ජාතිකයා දිය වැළකට හසු වී ගසාගෙන යමින් සිටියදී හෝටලයේ ජිවිතාකරක්ෂක නිලධාරීයා විසින් ගොඩට ගෙන පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සඳහන්.