/
/
title icon
විදෙස් කතට පහරදුන් තැ‍ඹිලි වෙළෙන්දාට වැඩ වරදී
විදෙස් කතට පහරදුන් තැ‍ඹිලි වෙළෙන්දාට වැඩ වරදී
Editor
1 year ago
Share:
විදෙස් කතට පහරදුන් තැ‍ඹිලි වෙළෙන්දාට වැඩ වරදී

උණවටුන - දලවැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදී විදේශිය කාන්තාවකට පහරදුන් බව කියන තැඹිලි වෙළෙන්දෙකු  අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උණවටුන - බොනවිස්ටාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්. 

සංචාරයක් සඳහා පැමිණ සිටින රුසියානු ජාතික කාන්තතාවක් ඊයේ පස්වරුවේ ඇයගේ යෙහෙළියක්ද සමග සැකකරුගෙන් තැඹිලි ගෙඩියක් මිලදී ගෙන පානය කිරිමට සුදානම් වූ අවස්ථාවේ එය පානය කිරිමට නොහැකි තත්ත්වයේ තිබිම නිසා සැකකරුට දොස් පවරා ආපසු මුදල් ඉල්ලා ඇති අතර, එම අවස්ථාවේ සිදුවු බහින් බස්වීමකදී සැකකරු විසින් මෙම පහරදිම සිදු කර තිබෙනවා. 

පසුව ඇය ප්‍රතිකාර ගැනිම සඳහා රෝහලට ගොස් ඇති අර ඇයගේ යෙහෙළිය විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required