
කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදුන් බව කියන රෝහල් සේවකයෙකු සහ සේවිකාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ල පොලීසිය කියා සිටියේ ගාල්ල - කොට්ටවගම පදිංචි සෞඛ්‍ය කාර්ය සහායිකාවක් සහ අකුරැස්ස - දියලපේ පදිංචි සෞඛ්‍ය කාර්ය සහායකයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
පසුගිය 16 වැනිදා පැවති වැඩවර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් සහභාගි නොවන බවට ප්‍රකාශ කර තිබුණත්, කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ කණිෂ්ඨ සේවකයින් වර්ජනයට සහභාගි වීම සම්බන්ධයෙන් පසුදින වෛද්‍යවරයා සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර ඇතිවු ආරවුලකදි කණිෂ්ඨ සේවකයින් විසින් තමාට පහරදුන් බවට වෛද්‍යවරයා විසින් කර තිබු පැමිණිල්ලක් අනුව මෙම සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවකට සහ සේවකයෙකුට එදින පහරදිමේ චෝදනාවට පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගන්නා ලද වෛද්‍යවරයා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.