/
/
title icon
යුක්තිය මෙහෙයුම ගැන ලෝකයේත් අවධානය
යුක්තිය මෙහෙයුම ගැන ලෝකයේත් අවධානය
Editor
1 year ago
Share:
යුක්තිය මෙහෙයුම ගැන ලෝකයේත් අවධානය

මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් දියත් කර ඇති යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලීමක් කර තිබෙනවා. 

එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පිරිසක් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ, එම මෙහෙයුම සමාලෝචනය කර සෞඛ්‍ය සහ මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමුකරන ලෙසයි. 

මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින්ට ද මානව හිමිකම් පවතින අතර ඔවුන් වෙනස් කොට සැලකීම හා අපකීර්තියට පත් නොකොට ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතිය සැලසිය යුතු බව එම නිවේදනයේ සඳහන්. 

මත්ද්‍රව්‍ය වැරදිකරුවන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම සහ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන අනිවාර්ය පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රඳවා තබා ගැනීම පිළිබඳව වාර්තාවන සිද්ධීන් හෙළාදකින බව ද එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. 

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයින්ට එරෙහිව වර්තමානයේ පවතින දැඩි මර්දනය පිළිබඳව කනස්සල්ල පළකරන බව ඔවුන් පෙන්වා දෙනවා. 

මත්ද්‍රව්‍ය භාවිත කරනු ලබන පුද්ගලයින් පුනරුත්ථාපනය සඳහා යොමුකළ යුත්තේ ඔවුන්ගේ කැමැත්ත මත වන අතර අනිවාර්ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන වසාදැමිය යුතු බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් සිය නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා. 

ජාත්‍යන්තර මානව හිමිකම් නීතීන්ට හා ප්‍රමිතීන්ට අනුකූලව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වත්මන් නීති සම්පාදනය කළ යුතු අතර මන්ද්‍රව්‍ය පාලනය සඳහා සන්නද්ධ හමුදා යොදා ගැනීම නතර කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required