/
/
title icon
අවුරුද්දේ දවස් 23ට ඩෙංගු මරණ 03ක්
අවුරුද්දේ දවස් 23ට ඩෙංගු මරණ 03ක්
Editor
1 year ago
Share:
අවුරුද්දේ දවස් 23ට ඩෙංගු මරණ 03ක්

2024 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබෙනවා. 

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, මේ වසරේ ගත වූ පළමු දින 20 තුළ මෙම මරණ වාර්තා වන බවයි. 

වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 7,507 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. 

එම සංඛ්‍යාව 1,602 ක්. 

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,536ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 637ක් වාර්තා වී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required