/
/
title icon
කතා බහට ගැනෙන පනතක් අද පාර්ලිමේන්තු විවාදයට
කතා බහට ගැනෙන පනතක් අද පාර්ලිමේන්තු විවාදයට
Editor
1 year ago
Share:
කතා බහට ගැනෙන පනතක් අද පාර්ලිමේන්තු විවාදයට

‍මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ද ඊයේ හිමිවුණා. 

ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධි විධාන සැලසීම සඳහා ද තම නම් කාර්යය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා මෙම පනත් කෙටුම්පත මඟින් ප්‍රතිපාදන සලසා තිබෙනවා. 

ඊට අමතරව මෙරට තුළ තහනම් කාර්යය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා, ප්‍රකාශයට පතකිරීම සඳහා විධි විධාන සැලැස්වීම ද, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩපැවැත්වීම යන කාරණා සඳහා ද මෙම පනත් කෙටුම්පත මඟින් විධි විධාන සලසා ඇති බව සඳහන්. 

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීමට ද පනත් කෙටුම්පත මඟින් ප්‍රතිපාදන සලසා තිබෙනවා. 

අද සහ හෙට මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදය පවත්වා සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required