
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී අද සංශෝධන සහිතව සම්මත වුණා.
පනතට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 46ක් පමණයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්.
රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර, අලි සබ්‍රි රහීම්,වඩිවෙල් සුරේෂ්, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා මෙම පනතෙන් විධිවිධාන සැලසේ. පනත් කෙටුම්පත අද සහ ඊයේ දිනවල විවාදයට ගැනුණා.