
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් මෝටර් රථය කන්ටේනරයකට ඉස්සර කිරීමට යාමේදි මෝටර් රථයේ වම් පැත්ත එහි ගැමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා බරපතල තුවාල ලබා රාගම රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
ඒ වනවිටත් රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂකය මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
අද අලුයම 1.00 පමණ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරත් සම රාජ්‍ය අමාත්‍යවරයා සහ තුවලකුරුවන් රාගම රෝහලට ඇතුළත් කෙරුණා.





