
අරාබි මුහුදේදී රැකියාවේ නිරත වෙමින් සිටියදී “ලොරෙන්සෝ පුතා 4” යාත්‍රාව ඊයේ ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැර ගනු ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස රටවල් 39 කින් සැදුම්ලත් සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක බහරේනයේ ඒකාබද්ධ නාවික හමුදාවට ශ්‍රී ලංකාව දැනුම් දී තිබෙනවා.
“ලොරෙන්සෝ පුතා 4” යාත්‍රාව ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගනු ලබන අවස්ථාවේ නියමුවා ඇතුළුව කාර්ය මණ්ඩලය හය දෙනකු එම යාත්‍රාවේ සිටියා.