
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වය අත්හිටුවමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
අදාළ තීරණය නිල වශයෙන් ඉදිරියේදී නිවේදනය කරනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය නොවැම්බර් මස 6 වැනිදා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කළ අතර, පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නොවැම්බර් මස 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවා.