/
/
title icon
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආර්ථික ප්‍රශ්න - එන ඡන්දෙට ඉල්ලන එකත් කොට උඩ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආර්ථික ප්‍රශ්න - එන ඡන්දෙට ඉල්ලන එකත් කොට උඩ
Editor
1 year ago
Share:
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආර්ථික ප්‍රශ්න - එන ඡන්දෙට ඉල්ලන එකත් කොට උඩ

පාර්ලිමේන්තුවේ  මන්ත්‍රීවරුන්ගෙන් 30% කට ආසන්න පිරිසක්  විවිධ ආර්ථික ගැටළු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර ඇතැයි  පාර්ලිමේන්තු  ආරංචි මාර්ග පවසනවා. 

මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ  විශාල මුදලක් වැය කරමින් බවත්, බොහෝ අය මෙම වියදම් වූ මුදල ආවරණය කරගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන  වාහන බලපත්‍රයෙන් බවත් පැවසෙනවා. 

වාහන බලපත්‍රය තාවකාලිකව නතර කිරීම නිසා ඡන්ද වියදම් සඳහා මුදල් සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි මන්ත්‍රීවරු පෙන්වා දෙනවා. 

ඡන්දෙට  කලින් වාහන බලපත්‍රය නොලැබුණහොත්  මැතිවරණවලට තමන් ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. 

මන්ත්‍රීවරුන්ට මෙයට පෙර දුන් වාහන බලපත්‍රයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට වඩා වැඩි අගයක් ගනු ලැබුවා. 

රටේ ආර්ථික තත්වය හේතුවෙන්  මන්ත්‍රීවරුන්ට  වාහන බලපත්‍රය ලබාදීම සඳහා මුදල් වෙන් කිරීම මුදල් අමාත්‍යාංශය විසින් තාවකාලික අත්හිටුවනු ලැබුවා. 

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර මන්ත්‍රීවරුන් විශාල පිරිසක්  මන්ත්‍රී සේවා අංශයට පැමිණ  වාහන බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කර ඇතැයිද  ඔහු සඳහන් කළා. 

මේ අතර අධික ඉන්ධන මිල  හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තුවට  සහ විවිධ උත්සව වලට සහභාගිවීමද  සීමා කර ඇතැයි වාර්තා වනවා. 

පසුගිය කාලයේ ඇතිවූ විවිධ සිද්ධීන්වලින් කලකිරීමට පත්වුණු මන්ත්‍රීවරු පිරිසක්ද  ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. 
ඉන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required