
ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ අවසන් කටයුතු ආරච්චිකට්ටුව රාජකදලුව ශුද්ධ වූ පවුලේ දේවස්ථාන සුසාන භූමියේදී අති විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් අද සිදුකෙරුණා.
ආරච්චිකට්ටුව ඔහුගේ නිවස තිබූ ස්ථානයේ විශේෂයෙන් සකස් කළ කුටියක් තුළ සර්ව ආගමික කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ආගමික දේශන හා පක්ෂ විපක්ෂ කතා සහ ශෝක ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දේහය පාගමනින් රාජකදලුව දේවස්ථානය වෙත ගොස් දිව්‍ය යාගයකින් අනතුරුව රාජකදලුව සුසාන භූමියේ භූමිදානය කෙරුණා.
මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්, පළාත් සභා හා ප්‍රාදේශී සභා මන්ත්‍රීවරුන් මෙන්ම විශාල ජනතාවක්ද සහභාගි වී සිටියා.

