
දුම්රිය තුළ පිහිටුවා ඇති ආපනශාලා හදිසි පරීක්ෂාවට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මීනගයා දුම්රියේ ආපනශාලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මඩකලපුවේදී හදිසි පරීක්ෂාවට ලක් කිරීමේදී එම ආපනශාලාව අපිරිසිදු ලෙස
පවත්වාගෙන යන බව නිරීක්ෂණය වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ මහතා කියා සිටියා.
දැනට දුර ගමන් දුම්රිය 14 ක පමණ ආපනශාලා පවත්වා ගෙන යනවා.