
අඛණ්ඩව වසර ගණනාවක් පුරාවටම මෙරට ජනප්‍රියතම ගායකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සුවය ලබා කළුබෝවිල රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
දින 40කට ආසන්න කාලයක් ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර, ඔහු රෝහලට ඇතුළත් කෙරුණේ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන්.
එහිදී ඔහු උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට භාජනය කෙරුණු බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළා.
ඔහුට සුවය පතා දිවයිනේ විවිධ ප්‍රදේශවල රසික ජනතාව ස්වෙච්ඡාවෙන් බෝධි පූජා ඇතුළු විවිධ ආගමික වතාවත්වල නිරත වීමද විශේෂත්වයක්.
මේ අතර, චාමර වීරසිංහ මහතා සුවය ලැබුවද තවදුරටත් විවේකයෙන් පසුවිය යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර තිබෙනවා.