/
/
title icon
ඩොලර්ම අර්බුදයට හේතු වූ උඩරට මාර්ගයේ දුම්රිය කොට උඩ යෑම
ඩොලර්ම අර්බුදයට හේතු වූ උඩරට මාර්ගයේ දුම්රිය කොට උඩ යෑම
Editor
1 year ago
Share:
ඩොලර්ම අර්බුදයට හේතු වූ උඩරට මාර්ගයේ දුම්රිය කොට උඩ යෑම

උඩරට මාර්ගයේ දුම්රිය දිගින් දිගටම පීලිපැනීම් සිදුවීමට හේතු වී ඇත්තේ දුම්රිය පීලි ගෙවී යාම සහ සිල්පර කොට දිරා යෑම බව වාර්තා වනවා.

හැටන් සිට බදුල්ල දක්වා වූ කොටසේ දුම්රිය පීලි පැනීම් ඉතා බහුල ලෙස වාර්තා වන අතර පෙරේදා දිනයේදීත් හැටන් - සිංගිමලෙයි ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමට ලක්වුණා.

මෙම කොටස සඳහා භාවිතා වන පීලි සහ සිල්පර කොට දීර්ඝ කාලයකින් අළුත්වැඩියා කර නොමැති බවයි වාර්තා වන්නේ.

දුම්රිය පීලි සහ ඒවා සවිකිරීමේ දී යොදා ගන්නා විවිධ ඇණ කොටස් හා දුම්රිය පීලි, සිල්පර කොටස්වලට සවිකිරීමේ දී යොදා ගන්නා ඇතැම් ඇණ ඇතුළු කොටස් ඔස්ට්‍රියාව හෝ යුරෝපීය කලාපයේ රටවලින් ආනයනය කළ යුතු වනවා. 

මීට වසර කිහිපයකට පෙර ඒවා ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බව සඳහන්

කෙසේ වෙතත්,  කොරෝනා වසංගත තත්ත්වය සහ ඉන් අනතුරුව මතුවු ආර්ථික අර්බුදය මෙන්ම ඩොලර් සංචිත රජය සතුව නොමැතිවීම හේතුවෙන් එම ආනයනය කිරීම් ප්‍රමාද වී තිබෙනවා. 

ඒ හේතුවෙන් මෙම අර්බුදය උද්ගතව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required