
බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ගය අසලදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීමෙන් අනතුරුව ඝාතනයට යොදාගත් ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය කියා සිටියා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23 හා 33 වන බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියන් බව පොලිසිය පවසනවා.
බෙලිඅත්ත ප්‍රදේශයේදී පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හක්මන පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.
ඒ අනුව පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව එම ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීම සඳහා ආධාර අනුබල දීම යටතේ සැකකාරියන් දෙදෙනෙකු රත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.