
ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 5 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 26 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළා.
මේ අතර ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 8 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කළ බවත් එම සංස්ථාව පැවසුවා.
එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 371 ක්, ලංකා ඩීසල් ලීටරයක නව මිල රුපියල් 363 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 262 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව කියා සිටියා.
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 456 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 468 ක් දක්වා අඩු කළ බව ද සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළා.