
ශ්‍රී ලංකාවේ 76 වන ජාතික නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා තායිලන්තයේ අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් (Srettha Thavisin) මහතා අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඔහු සමග දූත පිරිස ලෙස එරට උසස් නිලධාරීන් 33 දෙනෙක් පැමිණ සිටියා.
මෙම පිරිස පිළිගැනීම සදහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සිය ගුවන් යානයෙන් බැස, කටුනායක ගුවන් තොටුපොළ රන් සමරු පොතේ (Golden Book) සටහනක් තැබීමට ද කටයුතු කළා.