
රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තාට අත්අඩංගුවෙන් මිදී පලායාමට කුමන්ත්‍රණය සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.
වැඩ තහනම් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත පොලිස් කොස්තාපල් 97386 ජි ජි එම් එල් සඳරුවන් නැමති කොස්තාපල්වරයාගේයී.
2023 සැප්තැම්බර් 10 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටි නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැති සැකකරු පොලිස් කොස්තාපල් 97402 සන්ධිප නිලධාරියාගේ සහයෝගයෙන් එම දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් හට රසායනික ද්‍රව්‍යයක් ශරීරගත ගත කර ආරක්ෂාවට සිටි එස්.ටී.එෆ්. සෙබලාගේ ගිනි අවිය උදුරාගෙන පලායාමට උත්සාහ කර තිබුණා.