
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට හෙට සහභාගී කරවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවසර ලබාදී තිබෙනවා.
කතානායකවරයා මේ අවසරය දී ඇත්තේ රඹුක්වැල්ල මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර දෙන ලෙස ඔහුගේ ලේකම්වරයකු කළ ඉල්ලීමක් අනුවයි.
මේ අනුව වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ ලිඛිතව දැනුම් දී ඇත.
මේ අනුව කෙහෙලිය රඹුක් වැල්ල මහතා පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම් සියල්ලටද කැඳවෙනු ඇති.
මේ අතර රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්වී ඇති හෙයින් ඔහුට පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ආසනයක් පිළියෙල කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.