
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දිනයේදී පැමිණිල්ලක් සිදුකළ බව හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ අධි නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය ප්‍රකාශ කළා.
විශේෂිත කරුණු කිහිපයක් ඉදිරිපත් කරමින් පිටු පහක පමණ ප්‍රමාණයකින් යුත් විස්තර ඇතුළත් කර එකී පැමිණිල්ල සිදුකළ බව ඇය වැඩිදුරටත් කියා සිටියා.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 11 දශම 1 කෙළවර පිටිය ප්‍රදේශයේදී ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්ගත් සුඛෝභෝගී ජිප් රථය ඉකුත් ජනවාරි 25 වැනිදා කන්ටේනර් රථයක ගැටීමෙන් රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කර පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරින් සුඛෝභෝගී රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙනා රිමාන්ඞ් භාරයට පත් කර සිටි අතර පසුව අධිකරණ ඇප මත මුදාහැරුණා.
මියගිය රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය මස 24 වැනිදා හලාවත බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී ආපසු කොළඹ බලා පැමිණෙමින් සිටියදී එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටී අනතුරුව ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුව තිබුණා.