
ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 308 ක් රැස් කළා.
ඒ අනුව ඇෆ්ගනිස්තාන් පිල ඕවරයකට ලකුණු 6.18 ක සමාන්‍යයක් පවත්වමින් ලකුණු 309 ක් රැස්කළ යුතුයි.
චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 74 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 97 ක් රැස්කිරීමට සමත් වුණා.