
හලාවත පොලිස් කොඨඨාශයේ පොලිස් රථවාහන ඒකකයේ රාජකාරි කරමින් සිටි තරුණ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව පල්ලම නගරයේ දී බෝක්කුවක ගැටි හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇතැයි පල්ලම පොලිසිය පවසනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ වාරියපොල ඇල්ල ප්‍රදේශයෙ පදිංචි පොලිස් කොස්තාපල් බී.එම් සදුන් මධුරංග බංඩාර නැමති 23 හැවිරිදි තරුණ පොලිස් කොස්තාපල්වරයෙක්.
මෙම පොලිස් කොස්තාපල්වරයා මාදම්පේ පොලිසියට පලමු පත්විම ලැබ තිබු බවත් ඉන් පසුව හලාවත රථවාහන කොට්ඨාශයට රාජකාරි සදහා අනුයුක්තව රාජකාරී කර තිබෙනවා.
පල්ලම නගරයේ සිටින යහළුවෙකුගේ උපන් දින සාදයකට එක්ව ආපසු හලාවත රාජකාරි ස්ථානයට යතුරු පැදියෙන් යද්දී පල්ලම නන්දිමිත්‍ර ජාතික පාසල ආසන්නයේ තිබු බොක්කුවක ගැටී ඇති බව සඳහන්.